අමෙරිකාව ගාසා තීරයට ගුවනින් ආහාර මලු දමයි

අමෙරිකාව ගාසා තීරයට ගුවනින් ආහාර මලු දමයි

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් උන්හිටිතැන් අහිමි වී, කුසගින්නේ පෙලෙන, ගාසා පලස්තීන වැසියන්ට ඇමෙරිකාන ගුවනින් ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබා දීම ආරම්භ කර ඇත.

ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වීමෙන් පසු, ඇමෙරිකාව පලස්තීන වැසියන් මේ අයුරින් ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ලබා දීමට පියවර ගත් පළමු අවස්ථාව මෙයයි.

ඇමෙරිකන් හමුදාව, ඊයේ (2) සී-130 වර්ගයේ ගුවන් යානා තුනක් යොදාගෙන ආහාර මලු 30,000ක් පමණ ගාසා තීරයට දැමූ බව පැවැසෙයි.

ඇමෙරිකාව මෙම තීරණය ගත්තේ, ඉකුත් බ්‍රහස්පතින්දා ආහාර රැගත් ලොරි පෙළක් අසලට රැස්වී ආහාර ගැනීමට පොරකන්න වූ පලස්තීන වැසියන් 100කට අධික පිරිසක් ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරයකින් මියයෑමෙන් පසුවය. එම වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ ගණන 700 කට වැඩිය.

Qatar, France broker deal to get aid, medication to civilians, hostages in Gaza - The Globe and Mail

Israel-Gaza live updates: US drops food aid into Gaza - ABC News

Gaza Aid Convoy and the Latest Israel-Hamas War News: Live Updates - The New York Times

 

Share This