අමෙරිකාවේදී බිහිසුණු ගුවන් අනතුරක් – 04 ක් මරුට

අමෙරිකාවේදී බිහිසුණු ගුවන් අනතුරක් – 04 ක් මරුට

අමෙරිකා එක්සත් ජනපදයේ ඔක්ලහෝමා නගරයේ දී ඊයේ (06) සිදුවූ ගුවන් යානා අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ගුවන් යානය ඔක්ලහෝමා නගරයේ පිහිටි සන්ඩාන්ස් ගුවන් තොටුපොළින් ගමන් ආරම්භ කර විනාඩි කිහිපයක් ඇතුළත අදාළ අනතුර සිදුව ඇති බවයි, එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර අනතුර සම්බන්ධයෙන් එරට ජාතික ගමනාගමන ආරක්ෂණ මණ්ඩලය පරීක්ෂණක් ආරම්භ කර ඇති බවත් සඳහන්.