අධිවේගී මාර්ග වලට අවම වේග සීමාවන්

අධිවේගී මාර්ග වලට අවම වේග සීමාවන්

අධිවේගී මාර්ගවල ධාවනය කරන රථ වාහනවලට අවම වේග සීමාවක් පනවන බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

එම නව වේග සීමාව ඇතුළු නීති රීති ඇතුළත් ගැසට් නිවේදනය ලබන සතියේ නිකුත් කරන බවත්, පුද්ගල විෂමතා වලින් තොරව සියලු දෙනාට පොදු නීතියක් හරහා ජීවිත ආරක්‍ෂාවට මුල්තැන දීමට නව නීති සකස් කරන බවත්, අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.