කෝටි 23 ක තල්මස් අම්බර් සමග ධීවරයන් දෙදෙනකු අත්අඩංගුවට

කෝටි 23 ක තල්මස් අම්බර් සමග ධීවරයන් දෙදෙනකු අත්අඩංගුවට

රුපියල් කෝටි 23 කට ආසන්න වටිනාකමකින් යුත් අම්බර් (තල්මස් වමනය) කිලෝ 23 කට ආසන්න ප්‍රමාණයක් සමග ධීවරයන් දෙදෙනකු කන්දකුලිය ප්‍රදේශයේදී අද (29) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, කල්පිටිය කන්දකුලිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 සීමාවල පසුවන සැකකරුවන් දෙදෙනෙකි.

අදාල සැකකරුවන් මසුන් මැරීම සදහා ගොස් සිටියදී මුහුදේ පාවෙමින් තිබූ මෙම අම්බර් තොගය (තල්මස් වමනය) තම යාත්‍රාවට දමා ගෙන රහසේ රැගෙන විත් සඟවා තිබු බව පරික්ෂණ වලදි තහවුරු වී තිබේ.

නාවික හමුදා බුද්ධි තොරතුරක් මත අදලා වැටලිම සිදුකර තිබු අතර වනජීවි නිළධාරීන් සමග පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන් ඒකාබද්ධව වැටලිම සිදුකර තිබේ.

ආරක්ෂක අංශ යොදා ගත් උපාය දූතයකු මෙම අම්බර් මිලදී ගැනිමට යොදවා ඇති අතර ඒ අනුව මෙම අම්බර් තොගය අත් අඩංගුවට ගැනිමට හැකිව තිබේ.