ප්‍රදේශ කිහිපයක‍ වායු ගුණාත්මකභාවය ගැන අනතුරු ඇඟවීමක්

ප්‍රදේශ කිහිපයක‍ වායු ගුණාත්මකභාවය ගැන අනතුරු ඇඟවීමක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයක‍ වායු ගුණාත්මක දර්ශකය තවදුරටත් පහළ අගයක පවතින බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

ඒ අනුව, යාපනය, මන්නාරම, කොළඹ හා ගාල්ල ප්‍රදේශ වල වායූ ගුණාත්මකභාවය තවදුරටත් පහළ වැටී ඇත.

ඉන්දයාවේ සිට හමාගෙන එන සුළංවල බලපෑම මත ඊයේ (16) දිනයේදී මෙරට දිස්ත්‍රික්ක රැසක වාතයේ ගුණාත්මක තත්ත්වය ඉතා පහළ අගයක් වාර්තා කර තිබුණි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ දත්තවලට අනුව ඊයේ පෙරවරු 8.30 ට කුරුණෑගල නගරයේ වායු තත්ත්ව දර්ශකයේ දත්ත අනුව දූවිලි අංශු ප්‍රමාණය (Pm 2.5) 275 ක් වැනි ඉතා වැඩි අගයක් පෙන්නුම් කර තිබේ.

මෙම තත්ත්වය හේතුවෙන් වැඩිහිටි සහ රෝගී පුද්ගලයින්ට සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැකි බැවින් එළමහනේදී මුව ආවරණ පැළඳීම සුදුසු බව මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක අජිත් වීරසුන්දර මහතා සඳහන් කරයි.