පැය 4ක විදුලි කප්පාදුවක් ගැන රතු එළියක්

පැය 4ක විදුලි කප්පාදුවක් ගැන රතු එළියක්

සමනලවැව ජලාශයෙන් ගොවිතැන් සඳහා ජලය මුදා හැරීමට ආරම්භ කළහොත් එදින පටන් දිස්ත්‍රික්ක පහකට (05) පැය හතරක පමණ විදුලි කප්පාදුවක් ආරම්භ කිරීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

ගොවිතැනට ජලය නිකුත් කිරීමට හැකි වන්නේ ද දින හතරකට පහකට පමණක් බව ද අමාත්‍යවරයා පැවසීය.

එසේ කලහොත් ගාල්ල, මාතර, හම්බන්තොට, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා මෙසේ පැය 4 ක විදුලි කප්පාදුවක් කිරීමට සිදුවනු ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඒ අනුව, විදුලි කප්පාදුවකින් තොරව නිකුත් කළ හැකි උපරිමය ජල ප්‍රමාණය නිකුත් කරමින් ඉදිරියට යාමට තීන්දුවක් ගෙන ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

කෙසේ වෙතත්, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරන්නේ, පැයක දෙකක විදුලි කප්පාදුව දරාගනිමින් ගොවිතැන සඳහා අවශ්‍ය ජලය නිකුත් කිරීම මේ මොහොතේ අත්‍යවශ්‍යම කාරණාවක් බවයි.

එසේ නොකළහොත් ඉදිරියේදී රට තුල ආහාර හිගයක් ඇති වනු ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

Share This