ඇෆ්ගනිස්ථානයට එරෙහි කුළුඳුල් ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාවට කඩුලු 10ක ජයක්

ඇෆ්ගනිස්ථානයට එරෙහි කුළුඳුල් ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාවට කඩුලු 10ක ජයක්

ඇෆ්ගනිස්ථානයට එරෙහිව කොළඹ SSC ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති ටෙස්ට් තරගය කඩුලු 10කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තරගයේ පළමු ඉනිමට ඇෆ්ගනිස්ථානය ලකුණු 198ක් රැස්කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සදහා ලකුණු 439ක් රැස්කළේය.

එහිදි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඇන්⁣ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් ශතක රැස්කරනු ලැබුහ.

අනතුරුව දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථාන ඉනිම ලකුණු 296කට සීමාවිය.

ඒ, අනුව මෙම තරගය ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා දෙවන ඉනිමට හිමි වූ ඉලක්කය ලකුණු 56ක්.

එම ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 7යි පන්දු 2කදී එම ඉලක්කය පසුකර ගියේය.

මෙහිදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ දිමුත් කරුණාරත්න නොදැවී පන්දු 22කදී හයේ පහරක් සහ හතරේ පහර 3ක් සමග ලකුණු 32ක් රැස්කරගත්තේය.

ඔහුට අගනා සහායක් ලබාදුන් නිශාන් මදුෂ්ක නොදැවී හතරේ පහර 4ක් සමග ලකුණු 22ක් රැස්කරගත්තේය.