සංචාරකයින් පිරිසක් රැගත් බස් රථයක් දුම්රියක ගැටේ

චෙක් ජනරජය බලා පිටත්වීමට නියමිතව සිටි සංචාරකයින් පිරිසක් රැගත් බස් රථයක් අද (29) අලුයම වස්කඩුවේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් හරහා ගමන් කිරීමට උත්සාහ කිරීමේ දී දුම්රියක ගැටී අනතුරක් සිදුව තිබේ.

අනතුරින් සංචාරකයින් දෙපලක් සුළු තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ කටුනායක ගුවන්තොටුපළ දක්වා සංචාරකයින් පිරිසක් ප්‍රවාහනය කරමින් සිටි බස් රථයක් බව පොලීසිය පැවසීය.

බස් රථය අලුත්ගම සිට හලාවත දක්වා ගමන් කරන දුම්රියේ ගැටී මෙසේ අනතුරට ලක්ව තිබෙනවා.

දුම්රියේ රියදුරු ද ඇසට සිදු වූ සුළු තුවාල හේතුවෙන් කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

VideoCapture 20231129 060309

VideoCapture 20231129 060219

WhatsApp Image 2023 11 29 at 9.20.56 AM 1

WhatsApp Image 2023 11 29 at 9.20.56 AM

WhatsApp Image 2023 11 29 at 9.20.54 AM

 

Share This