කොල්ලුපිටියේ බස් රථයක් මතට ගසක් කඩා වැටී සිදු වූ අනතුරෙන් 5ක් ජීවිතක්ෂයට

කොල්ලුපිටියේ බස් රථයක් මතට ගසක් කඩා වැටී සිදු වූ අනතුරෙන් 5ක් ජීවිතක්ෂයට

කොල්ලුපිටිය ඩුප්ලිකේෂන් මාර්ගයේ ලිබර්ටි වටරවුම ආසන්නයේදී බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරෙන් පුද්ගලයින් 05 කු මියගොස් තිබේ.

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේ, තවත් 7 කු රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.

එම පුද්ගලයින් 5 දෙනා රෝහලට රැගෙන එන විටත් මිය ගොස් සිටි බවයි, නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.

අද උදෑසන බස් රථය මතට ගස කඩා වැටීමත් සමග මගීන් පිරිසක් එහි සිරවූ අතර ඔවුන් මුදා ගැනීමට පොලිසිය හා සහන සේවා කණ්ඩායම්වලට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.

මේ වනවිට බස් රථයේ සිටි සියලු පිරිස් මුදා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අද උදෑසන 6.00 ට පමණ මෙලෙස අනතුරට පත්ව ඇත්තේ, කොළඹ සිට දෙණියාය බලා ධානය වෙමින් තිබූ මතුගම ඩිපෝවට අයත් බස් රථයකි.

 

Share This