බස් – ත්‍රීරෝද රථ අනතුරින් 13ක් රෝහලට

බස් – ත්‍රීරෝද රථ අනතුරින් 13ක් රෝහලට

මාපලගම සිට කොළඹ දක්වා ධාවනය වූ බස් රථයක් කළුතර, නාගොඩ, ගල්අස්ස ප්‍රදේශයේ දී එකම දිශාවට ගමන්ගත් ත්‍රිරෝද රථයක ගැටී අනතුරක් සිදුව තිබේ.

ත්‍රිරෝද රථය එක්වරම දකුණු දෙසට හැරවීමට උත්සාහ දැරීමේ දී බස් රථය මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවක ගැටී අනතුර සිදුව තිබුණි.

තුවාලකරුවන් කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති බවත් එක් අයකුගේ තත්ත්වය බරපතළ බවත් රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය .

ත්‍රිරෝද රථය අසල විහාරයකට යමින් සිටිය දී මෙම අනතුරට මුහුණ දී තිබේ.

අනතුර හේතුවෙන් කළුතර මතුගම මාර්ගයේ තරමක වාහන තදබදයක් පවතින බවද වාර්තාවේ.

May be an image of 5 people and text

May be an image of text

May be an image of 11 people, car, motorcycle and text

May be an image of 3 people and text

 

Share This