web hit counter
22 හැවිරිදි තරුණියකගේ ගෙල කපා ඝාතනය කර බොරු ලෙඩක් පෙන්නා රෝහල්ගත වෙලා

22 හැවිරිදි තරුණියකගේ ගෙල කපා ඝාතනය කර බොරු ලෙඩක් පෙන්නා රෝහල්ගත වෙලා

හෝමාගම දී තරුණියකගේ ගෙලකපා ඝාතනය කළ බව කියන පුද්ගලයෙකු එම ප්‍රදේශයෙන් පලාවිත් රෝගී තත්ත්වයක් බව පවසමින් කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට ඇතුලත්ව සිටී‍යදී අද (08) අළුයම සැකපිට අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, දෙහිවල, ඇන්ඩර්න් පාර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බව පොලිසිය පැවසීය.

හෝමාගම ප්‍රදේශයේ පදිංචිව සිටි අචිනි තුෂාරි නමැති 22 හැවිරිදි තරුණියක අද අළුයම හෝමාගම උසාවිය පාරේදී ගෙලකපා ඝාතනය කර ඇති බව වාර්තාවන බව කළුතර උසස් පොලිස් නිළධාරීයෙක් කීය.

ප්‍රේම සම්බන්ධයක් මුල්කර ගනිමින් ඝාතනය සිදුකර ඇති බවට මෙතෙක් කල පරීක්ෂණ වලදී තහවුරුව ඇති බව උසස් පොලිස් නිළධාරීයෙක් පැවසීය.

සැකකරු අද අළුයම කළුතර නාගොඩ රෝහලට ඇතුලත්ව ඇති බවත් ඔහුගේ කමිස සාක්කුවේ ලේ පැල්ලමක් දක්නට ලැබීමෙන් පසු මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර ප්‍රශ්න කිරීමේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවත් සදහන් වේ.

සැකකරු පොලිස් ආරක්ෂාව යටතේ කළුතර ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )