මොටර් රථයක් බවුසරයක ගැටී 5කට බරපතලයි

මොටර් රථයක් බවුසරයක ගැටී 5කට බරපතලයි

ඉන්ධන ප්‍රවාහනය කළ බවුසර් රථයක් සහ මොටර් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් මොටර් රථයේ ගමන් කළ පුද්ගලයන් පස්දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ දිඹුලපතන මංසන්ධියේදී ඊයේ (12) රාත්‍රී 10ට පමණ එම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

වැලිමඩ සිට කොටගල දෙසට ධාවනය කරමින් තිබු බවුසර් රථයක් සහ නොර්වුඩ් සිට තලවකැලේ දක්වා ධාවනය කළ මොටර් රථයක් මෙසේ මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව ඇත.

මෝටර් රථය ධාවනය කළ රියැදුරු අධික ලෙස මත්පැන් පානය කර සිට ඇති බව වාර්තා වෙයි.

අනතුරෙන් තුවාල ලැබු මොටර් රථයේ ගමන්ගත් තුවාලකරුවන් පස්දෙනා, නොර්වුඩ් ප්‍රදේශයේ පදිංචි අවුරුදු 20-30 වයස් කාණ්ඩවල පසුවන බව පොලිසිය පවසයි.

තුවාලකරුවන් දිඹුල පතන පොලීසියේ නිලධාරින්, ප්‍රදේශවාසින් එක්ව රෝහල්ගත කර ඇත.

අනතුරෙන් මොටර් රථයට සහ බවුසර් රථයට දැඩි අලාභ හානි සිදුවී ඇත.

 

Share This