දක්ෂිණ අධිවේගයේ ලොරි දෙකක් ගැටී අනතුරක්
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලි පැන්න පිවිසුම සහ කුරුඳුගහහැතැක්ම පිවිසුම අතර කිලෝමීටර් 53. 3 දි අද (4) අලුයම එලවලු පටවා ගත් ලොරි දෙකක් එකිනෙක ගැටී සිදු වූ අනතුර හේතුවෙන් මාර්ගය සම්පූර්ණයෙන් අවහිර වී පැයකට ආසන්න කාලයක් මාර්ගය තාවකාලිකව වසා දැමීමට සිදුවූ බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.
සිදුවූ අනතුරින් එක් පුද්ගලයෙකු තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.
මාතර දෙස සිට එළවළු පටවා ගත් ලොරි දෙකක් කොළඹ දෙසට ධාවනය වීමේදී ඉදිරියෙන් ගමන් ගත් ලොරියට පිටුපසින් පැමිණි බහලුම් පෙට්ටියක් සවිකළ රථය ඉස්සර කිරීමට යාමේදී එකිනෙක ගැටී ඉදිරියෙන් ගමන් ගත් එළවළු රථය මාර්ගයේ පෙරලීමෙන් මෙම අනතුර වී සිදු වූ බව පොලිසිය පවසනවා.
පොලිසිය සදහන් කළේ, මෙම අනතුරත් සමගම කොළඹ දෙසට මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ගිය අතර මාතර දෙස සිට කොළඹ කරා යන වාහන කුරුඳුගහහැතැක්ම පිවිසුමෙන් පිට කර සාමාන්‍ය මාර්ගය හරහා යළි වැලිපැන්න පිවිසුමට පැමිණ අධිවේගී මාර්ගයට පිවිස ධාවනය කිරීමට උපදෙස් ලබා දුන් බවයි.