වෙන්නප්පුවේ ගමක් මාස තුනක් තිස්සේ වැසි ජලයෙන් යටවෙලා
අධික වැසි පවතින කාලවලදී වෙන්නප්පුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ කොළින්ජාඩිය රන්දියගම ජනපදයට එක්රැස් වන වැසි ජලය මාස තුනක් තිස්සේ බැස නොයාම හේතුවෙන් පවුල් 60 ක පමණ ජනතාවක් දැඩි පිඩාවට පත්වි සිටිති.
වැසි කාලවලදී ජනපදය පුරා අඩි පහක පමණ මට්ටමකට ජලය පිරීමෙන් මේවන විට නිවාස 60 ක් පමණ ජලයෙන් යටවී තිබේ.
ජනපදයට පිවිසෙන මාර්ගද වැසි ජලයෙන් යටවීම නිසා පදිංචිකරුවන් සිය දෛනික කටයුතු සදහා තෙප්පමක් භාවිතා කරමින් ගමනා ගමන කටයුතු සිදුකරන අතර බොහෝ නිවාස තුළට ද ජලය ගලා යාමෙන් ගෘහ භාණ්ඩ ඇතුලු වටිනා උපකරණවලටද හානි වී ඇති බව ගම්වාසිහු කියති.