මඩොල්සිම පාරට ගල් කුට්ටියක් කඩා වැටෙයි
මඩොල්සිම ඇකිරිය ප්‍රධාන මාර්ගයේ බටාවත්ත කුරුවිගොල්ල සංජීව් දේවස්ථානය අසල දී ඊයේ (03) රාත්‍රියේ මාර්ගයට වර්ෂාව නොමැතිව විශාල ගල්පර්වතයක් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා සිදුව ඇතැයි මඩොල්සිම පොලිසිය පවසයි.
විශේෂයෙන් අද (04) දිනයේ අපොස උසස් පෙළ විභාගය පැවත්වෙන හෙයින් මින් එම විභාගයට පෙනී සිටීමට යන සිසුන්ට කිසියම් බාධාවක් වීමට ඉඩකඩ ඇති බවත් පොලිසිය පැවසීය.
වර්ෂාව නොමැති වුවත් ඉහළ කදු මුදුනේ පිහිටි විශාල ගල්පර්වතයක් මෙසේ මාර්ගයට කඩා වැටී ඇති බවත්, පසුගිය දිනවල පැවති දැඩි වර්ෂාවත් සමඟ පොලොව බුරුල් වී තිබීම නිසාවෙන් මෙසේ මෙම විශාල ගල්පර්වතය මාර්ගයට කඩා වැටෙන්නට ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.
කෙසේ වෙතත් මාර්ගයට කඩා වැටී ඇති මෙම විශාල ගල්පර්වතය ඉවත් කිරීමට කටයුතු කරන බවද මාර්ග සංවර්ධන අධිකාරියේ බදුල්ල විධායක ඉංජිනේරු කාර්යාලය සදහන් කළේය.