ලොරි රථ දෙකක් ඇළකට වැටී අයෙක් ජීවිතක්ෂයට

ලොරි රථ දෙකක් ඇළකට වැටී අයෙක් ජීවිතක්ෂයට

ඇඹිලිපිටිය – රත්නපුර මාර්ගයේ පතුල්පාන ප්‍රදේශයේදී ලොරි රථ දෙකක් එකිනෙක ගැටී දොඩම්ගඟ ඇළට පෙරළීමෙන් සිදු වූ අනතුරකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ලොරි රථය අනතුරට ලක්වීමට ආසන්න අවස්ථාවේදී බස් රථයක ගැටීම වැලැක්වීමට රියදුරා උත්සහා දරා තිබේ.

එහිදී එම රථය තවත් ලොරි රථයක ගැටී ලොරි රථ දෙකම දොඩම්ගඟ ඇළට වැටී ඇති බවයි පොලීසිය පවසන්නේ.

සිමෙන්ති තොගය සහිත ලොරි රථයේ රියදුරා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී ඇති අතර එම ලොරි රථයේ තිරිංග අක්‍රියවීම අනතුරට හේතුව බවටයි පොලීසිය සැක පල කරන්නේ.