ගෙල වැල ලාගෙන මිය ගිය සිසුවෙකුගේ මළ සිරුරක් මද්‍රසා පාසලකින් හමුවෙයි

ගෙල වැල ලාගෙන මිය ගිය සිසුවෙකුගේ මළ සිරුරක් මද්‍රසා පාසලකින් හමුවෙයි

ගෙල වැලලාගෙන මියගොස් ඇති බවට සැක කෙරෙන පිරිමි දරුවෙකුගේ මළ සිරුරක් සයින්දමරුදු ප්‍රදේශයේ මද්‍රසා පාසලක වැසිකිලියේ තිබී සොයාගෙන තිබේ.

මෙලෙස මියගොස් තිබුණේ කාත්තාන්කුඩි ප්‍රදේශයේ පදිංචිව සිටි එම්. එස්. මුෂාබ් නමැති 13 හැවිරිදි සිසුවෙකි.

එම දරුවාගේ මරණය සැක සහිත බව පවසමින් ඊයේ (05) රාත්‍රියේ ප්‍රදේශවාසීන් අදාළ මද්‍රසා පාසල වටලා තිබුණි.

කෙසේ වෙතත් පොලිසිය තත්ත්වය පාලනය කර ඇති අතර, මද්‍රසා පාසලේ පාලක මවුලවිවරයා සයින්දමරුදු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම මද්‍රාසාවේ පාලකවරයාට එරෙහිව මේ වන විටත් පොලිසියට පැමිණිලි රැසක්‌ ලැබී ඇති බවටයි වාර්තා වන්නේ

පොලීසිය සඳහන් කරන්නේ මෙම මරණය හේතුවෙන් ජනතාව ව්‍යාකූල තත්ත්වයකට පත්වී සිටින බවය.

Share This