බෙලිඅත්තේ මාරක අනතුරකින් අයෙක් මරුට – 5ක් රෝහලට

බෙලිඅත්තේ මාරක අනතුරකින් අයෙක් මරුට – 5ක් රෝහලට

බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ බෙලිඅත්ත නගරය ආසන්නයේදී කාර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් පස්දෙනෙකු තුවාල ලබා ඇතැයි බෙලිඅත්ත පොලිසිය පැවසීය.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ, කාර් රථයේ ගමන් ගත් බෙලිඅත්ත වහරක්ගොඩ අලහේන ලිපිනයේ පදිංචි බාලමානගේ ආරියපාල නමැති 72 හැවිරිදි විවාහකයෙකි.

අනතුරින් බරපතල තුවාල ලැබූ ඔහු රෝහලට රැගෙන යන අතරතුර මියගිය බව පොලිසිය පැවසීය.

තුවාලකරුවන් පස්දෙනා තංගල්ල මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය පැවසීය.

COMMENTS