මාදම්පේ මාරක අනතුරකින් තිදෙනෙක් මරුට

මාදම්පේ මාරක අනතුරකින් තිදෙනෙක් මරුට

තලවිල සිට මීගමුව දක්වා ගමන් ගත් පිරිසක් රැගත් ත්‍රීරෝද රථයක් මාදම්පේ ගලහිටියාව ප්‍රදේශයේදී බස් රථයක හා ලොරි රථයක ගැටී සිදුවූ අනතුරකින් ත්‍රිරෝද රථයේ ගමන් කල මව, දියණිය සහ තවත් කාන්තාවක් ජීවිතක්ෂයට.පත්ව තිබේ.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, මීගමුවේ පදිංචිකරුවන් බව පොලිසිය පැවසීය.

තලවිල සාන්තා ආනා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට සහභාගි වී ත්‍රීරෝද රථයකින් ආපසු මීගමුව බලා ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රීරෝද රථය තුළ ළමුන් ඇතුළු හත්දෙනෙකු ගමන් කර ඇති බව පොලිසිය පවසයි.

අනතුරින් පසු බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර, ලොරි රථය පළා ගොස් ඇත.

අනතුරින් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති අතර, අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මාදම්පේ පොලීසිය විසින් පවත්වනු ඇත.