ජල බිලත් ඉහළට ?

ජල බිලත් ඉහළට ?

අගෝස්තු මාසයේ මුල සිට ජල බිල්පත් ඉහළ දමන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

එහි සාමාන්‍යාධිකාරී වසන්තා ඉලංගසිංහ මහත්මිය සඳහන් කළේ, එම යෝජනාව කැබිනට් අනුමැතිය සඳහා යොමුකර ඇති බවයි.

ඊට කැබිනට් අනුමැතිය හිමිවුවහොත්, අගෝස්තු මස මුල සිට ජල බිලපත් වැඩිවන බව ද ඇය සඳහන් කළාය.

එහෙත්, ජල බිල්පත් ඉහළ නැංවීමේ ප්‍රතිශතය පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැත.

මෙම වසරේ මුල් කාලසීමාවේ විදුලි ගාස්තු ඉහළ දැමීමට රජය කටයුතු කළ අතර ඊට සාපේක්ෂව අදාළ වියදම් පියවා ගැනීම සඳහා ජල ගාස්තුව ද ඉහළ දැමිය යුතු බවට ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ඉල්ලීමක් කර තිබූ අතර ඊට සාධනීය ප්‍රතිචාරයක් හිමි වී තිබුණේ නැහැ.