ප්‍රදේශ කිහිපයකට ඇතුළුවීම වළක්වාලමින් වෘත්තීය සමිති කිහිපයකට අධිකරණයෙන් නියෝගයක්
වෘත්තීය සමිති කිහිපයක සාමාජිකයින්ට කොළඹ මාර්ග කිහිපයකට ඇතුළුවීම වළක්වාලමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (25) නියෝගයක් නිකුත් කර තිබේ.
ඒ අනුව, ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව, පොලිස් මුලස්ථානය, කොටුව දුම්රිය ස්ථානය සිට CTO හන්දිය දක්වා වන ඕල්කට් මාවතට අද උදෑසන 9 සිට සවස 6 දක්වා කාලය තුළ එම වෘත්තීය සමිති සාමාජිකයින්ට ඇතුළුවීම තහනම් වේ.
එමෙන්ම CTO හන්දියේ සිට සෙරමික් හන්දිය NSA වට රවුම දක්වා ඇති ලෝටස් මාර්ගය ද යෝර්ක් වීදිය, බැංකු මාවත, චැතම් වීදිය, මුදලිගේ මාවත, බාරොන් ජයතිලක මාවත, පොලිස් මුලස්ථානය ඉදිරිපිට, බාලදක්ෂ මාවත, වෛත්‍ය පාර, ජනාධිපති මාවත, ගාලු මුවදොර වටරවුමේ සිට NSA වට රවුම දක්වා ගාලු පාර ද ජනාධිපති ලේකම් කාර්යාලය වෙතට ද ඇතුල්වීමෙන් වළකින ලෙසත් පොදු හා පුද්ගලික දේපළවලට හානි නොකරන ලෙසත් කොටුව අතිරේක මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කර තිබේ.
අදාළ නියෝග නිකුත් කර ඇති සාමාජිකයින්ගේ නම් පහතින් දැක්වේ.
*සමීර අල්විල් – බැංකු හා මුල්‍ය සංසදයේ ක්‍රියාකාරි
* නිරෝෂන් ගොරකානාගේ – සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ලේකම්
*විජයතිලක ජයසිරි – අන්තර් විශ්වවිද්‍යාල සේවා වෘත්තීය සමිතියේ සභාපති
*සමීර පතිරණ – ලංකා විදුලි සේවක සංගමයේ උප සභාපති
*උදයංග හෙට්ටිආරච්චි – ලංකා ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ මාධ්‍ය ප්‍රකාශක
*ඩී.පි. ජයවර්ධන – ජල සම්පාදන හා ජල ප්‍රවාහන සේවක සංගමයේ උපසභාපති
*ගාමිණි රත්නායක – වෙළෙඳ කලාප සේවකයින්ගේ ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු
*අනුර නයනාන්ද – අන්තර් සමාගම් සේවක සංගමයේ බියගම කලාප සංවිධායක
*මංජුල සිරිසෝම – රාජ්‍ය ඉංජිනේරු සේවා සංගමයේ සභාපති
*අසංක සංජීව – සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයේ උපලේකම්