වවුනියාවේ උපන්දින සාදයට මැර ප්‍රහාරයක් එල්ල කල හේතුව හෙළිවේ

වවුනියාවේ උපන්දින සාදයට මැර ප්‍රහාරයක් එල්ල කල හේතුව හෙළිවේ

වවුනියාවේ තෝනිකල් ප්‍රදේශයේ උපන් දින සාදයක් පැවති නිවසකට මැර ප්‍රහාරයක් එල්ල වූයේ මැරයින්ට අවශ්‍යව සිටි ඔවුන්ට විරුද්ධ තවත් ප්‍රබල මැරයෙකු සොයා පැමිණි අවස්ථාවේදී බවට පොලිසියට තොරතුරක් ලැබී තිබේ.

නමුත් නිවසට මැර කණ්ඩායම පැමිණෙන විට ඔවුන් සොයා පැමිණි මැරයා සාදයට සහභාගී වී ආපසු ගොස් ඇති නිසා කෝපයට පත් මැරයෝ නිවසට ප්‍රහාරය එල්ල කොට ඇති බවට විශ්වාස කරයි.

මුලින්ම මැරයින් පිරිස වෙස් වළාගෙන නිවසට ඇතුළු වන විට ඔවුන්ව දුටු 21 හවිරිදි තරුණිය මහ හඬින් කෑගසන්නට වූයෙන් එම ස්ථානයේ විශාල කලබලයක් ඇති වේයයි යන සැකයෙන් මැරයින් ඇයට පිහියකින් ඇන පසුව ගිනි තබන්නට ඇතැයිද පොලිසිය සැක කරයි.

නිවසට ඇතුළු වූ මැරයින් එක් නමක් කියමින් ඔහු එම නිවසේ සිටිනේදැයි විමසා ඇතත් ඒ අවස්ථාවේ නිවසේ සිටි සියළුම දෙනා පිළිස්සුම් තුවාල ලබා බරපතල තත්ත්වයක සිටින නිසා පොලිසියට සිද්ධිය වූ ආකාරය දැන ගැනීමට ඇති අසීරුතාවය ප්‍රහාරයට පැමිණි මැරයින් හඳුනාගෙන ඔවුන්ව අත් අඩංගුවට ගැනීමට විශාල බාධාවක් වී තිබේ.

නම කියා ආමන්ත්‍රණය කළ පුද්ගලයාද වවුනියාවේ මැරයෙකු වශයෙන් ප්‍රසිද්ධ අයෙකු බවත් ඔහුද පුද්ගලයින් රැසකගෙන් කප්පම් ඉල්ලා කප්පම් නොදුන් තැන ඔවුන්ව කපා කොටා තුවාල සිදු කළ අයෙකු බවටද තොරතුරු අනාවරණය වී තිබේ.

මැරයින් විසින් ප්‍රහාරයක් එල්ල කොට තිබුණේ වවුනියාව තෝනිකල් ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන සුරේස් නැමැත්තගේ නිවසට වන අතර එම නිවසේ සාදයට පැමින සිටි සුරේස් ගේ ඥාතියෙකු වන

21 හැවිරිදි ෆාතිමා සසීමා සයිදි නැමති අය මියගිය අතර තවත් 10 දෙනෙකු තුවාල ලැබීය. තුවාලකරුවන් දස දෙනාගෙන් හතර දෙනෙකුම වයස අවුරුදු 15 ට අඩු ළමයින්ය.

වවුනියාව පොලිසිය මෙම ප්‍රහාරය එල්ල කළ මැර කණ්ඩායම අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කීපයක්ම යොදවා සිටියි.