අස්වැසුම අභියාචනා භාර ගැනීමේ කාලය දීර්ඝ කෙරේ

අස්වැසුම අභියාචනා භාර ගැනීමේ කාලය දීර්ඝ කෙරේ

අස්වැසුම සුබ සාධන වැඩපිළිවෙලට ප්‍රතිලාභීන් තෝරාගැනීමේ දී ආසාධාරණයට ලක්වුවන්ට අභියාචනා ඉදිරිපත් කිරීමට මෙන්ම ඒ සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් කිරීමට ලබාදී ඇති කාලය දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ, නුසුදුසු පුද්ගලයින් එම ප්‍රතිලාභය ලබාගෙන ඇත්නම් ඒ පිළිබඳ රජය දැනුවත් කිරීම ජනතාවගේ යුතුකමක් බවය.

“මේ දිනවල කතාබහට ලක්වෙන්නේ අස්වැසුම සහනාධාර දෙන්න රාජ්‍ය නිලධාරීන්ගේ කාර්යාලවල, ග්‍රාම නිලධාරීන්ගේ කාර්යාලවල ප්‍රදර්ශනය කරලා තියෙන නාමලේඛන පිළිබඳව. පළවෙනිම දේ මේ නාමලේඛන කිසිසේත්ම අවසන් නාමලේඛන නෙමෙයි. මේ ලබාගත් තොරතුරු මත සකස් කළ දළ නාමලේඛනය. රජය බලාපොරොත්තු වෙන්නේ මේ පිළිබඳව ජනතාවගෙන් නුසුදුස්සන් කෙරෙහි විරෝධතාවය. ඒක තමා ජනතාවගේ යුතුකම. නුසුදුස්සෝ අරන් ඉන්නවා නම් විරෝධතාවය දක්වන්න. සුදුස්සෝ නැත්නම් වහාම ඒ පිළිබඳ අභියාචනා ඉදිරිපත් කරන්න. මේක ඉතාම පැහැදිලි කාරණයක්. ඒ වගේම විරෝධතා දැක්වීම ගැන තිබුණ යම් යම් බාධක ඒවා ඉවත් කරලා තියෙනවා. කලින් තිබුණා නාමිකව විරෝධතා දක්වන්න. නිර්නාමිකව බෑ. හැබැයි අපේ ගම්වල අපි දකිනවා අස්වැසියෝ තරහා කරගන්න ඕනේ නෑ. දැන් ඉඩක් තියෙනවා නිර්නාමිකව විරෝධතා දක්වන්න පුළුවන්. ඒ වගේම මේ කාලය මදිනම් විරෝධතා දැක්වීමට හා අභියාචනා දැක්වීමට ඒක දික්කරලා දෙන්න රජය සුදානම්.”