ආසියාවේ හොඳම වෙරළ තීර අතරින් සිවු වැනි තැන මිරිස්සට

ආසියාවේ හොඳම වෙරළ තීර අතරින් සිවු වැනි තැන මිරිස්සට

ආසියාවේ හොඳම වෙරළ තීර අතර සිව් වැනි තැන ශ්‍රී ලංකාවේ මිරිස්ස වෙරළ තීරය ට හිමිව තිබේ.

ආසියාවේ හොඳම වෙරළ තීරය සම්බන්ධයෙන් සංචාරක ක්ෂේත්‍රයේ වෙබ් අඩවියක් වන Tripadvisor මඟින් පසුගිය මාස 12ක කාලයක් තුළ සිය පාඨකයන් සමඟ එක්ව කරන ලද සමීක්ෂණයකදි අනෙක් රටවල වෙරළ තීරයන් පරාජය කරමින් මිරිස්ස වෙරළ තීරය සිවු වැනි තැන හිමි කර ගෙන ඇත.

මෙම සමීක්ෂණය සඳහා ඉන්දියාව, ජපානය, තායිලන්තය, වියට්නාමය, දකුණු කොරියාව මෙන්ම ශ්‍රී ලංකාවේ වෙරළ කලාප යොදා ගෙන තිබේ.

මේ වසරේ ජයග්‍රාහී වෙරළ තීරයන් තෝරා ගැනීම සඳහා රන්වන්වැලි තීර, රළු වෙරළ තීරයන්, පැහැදිලි නිල් ජලය යන නිර්නායකයන් යොදා ගෙන ඇත.

ඒ අනුව ඉන්දියාවේ හැව්ලොක් දූපත රාධනගර් වෙරළ ආසියාවේ අංක එකේ වෙරළ තීරය ලෙස තේරී ඇති අතර, දෙවැනි තැන ඉන්දුනීසියාවේ නුසා පෙනිඩා හී කෙලින්කිං වෙරළත් තුන්වැන්න ලෙස ඉන්දියාවේම බෙනෝලිම් හී වෙරළ හිමි කරගෙන ඇති බව මෙම වෙබ් අඩවිය වාර්තා කර ඇත.

සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ පිරිස් පෙන්වා දෙන්නේ මේ තේරීම මෙරට සංචාරක ව්‍යාපාරයට වාසිදායක ලෙස ප්‍රවර්ධනය කළ හැකි විශේෂ අවස්ථාවක් බවයි.

Ultimate Travel Guide To Mirissa, Sri Lanka - Something of Freedom

Secret Beach Mirissa - Sri Lanka's Best Beach Sunset Spot - Divert Living