දවසේ ලග්න පලාපල – 2023 ජූනි මස 09 වන සිකුරාදා
රාහු කාලය
10:35 am – 12:09 pm
සුභ දිශාව
නැගෙනහිර
මරු සිටින දිශාව
ගිණිකොන
මේෂ
තරමක් සෘජුගුණයේ පිහිටා ක්‍රියාකරයි. තම අරමුණු ජයගනී. ඉඩකඩම් ලාභයකට හේතුයි. සතුරු බලපෑම් ඉවත්වෙයි. සිත සෘජුගුණයේ පිහිටා ක්‍රියා කරයි. හදිසි ලාභ ලබයි. උෂ්ණ රෝග, සෙම් රෝග මතු කරයි.
වෘෂභ
ශුභාශුභ ඵලදෙයි. දුරගමන් වන්දනාගමන් සංවිධානයට හේතුයි. දානමානාදි කුසලකර්මවල යෙදෙන දිනකි. පදිංචියේ වෙනසකට හේතු දෙයි. හදිසි ධන ලාභ ලැබීම්වලට හේතුයි. සෙම් කෝප රෝග මතු කරයි.
මිථුන
ගමන් බිමන් යෙදේ. ප්‍රීති උත්සවද යෙදෙන අතර නව මිතුදම් වර්ධනය වන දිනකි. නව නිර්මාණ ඇරඹීමට හේතුයි. ප්‍රේම සබඳතා වැඩිදියුණු වෙයි. භූමි ලාභ සම්පත් ගෙනදෙයි. අර්ශස් රෝග බඩවැල් රෝග මතුවේ.
කටක
ගමන් බිමන් බහුල වෙයි. රාජකාරිද තරමක් බහුල දිනකි. ආගමික උත්සව වතාවත් සංවිධානයට හේතුයි. විනෝද ක්‍රියාකාරකම්වල යෙදේ. ඥාති මිත්‍රාදීන් ඒකරාශීව කටයුතු කරන දිනකි. සිරසගත රෝගද මතුවෙයි.
සිංහ
ශුභාශුභ මිශ්රඵල දෙයි. තරමක් ක්‍රියාශීලී දිනකි. තම ව්‍යාපාරවල දියුණුවක් පෙනේ. අවිවේකීයි. සුළු ගමන් බිමන් යෙදේ. තරමක් වැයපස ඉහළ යයි. දන්ත රෝග, මුඛ රෝග මතුවෙයි.
කන්‍යා
ශුභාශුභ මිශ්රඵල උදාකරයි. කෙටි ගමන් බිමන් යෙදේ. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ක්‍රියාකරයි. වෙළහෙළඳාම්වල යෙදෙන්නන්ට ශුභඵල දෙයි. ස්නායු සම්බන්ධ රෝග මතු කරයි. ප්‍රීති සාද යෙදේ.
තුලා
ශුභාශුභ ඵල දෙයි. අලස ගති ඉස්මතු කරයි. නිවසේ ක්‍රියාකාරකම්වල යෙදේ. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත වැයපසද ඉහළ යයි. මූල රෝග බැඩවැල් ආශ්රිත රෝග මතු කරයි.
වෘශ්චික
ශුභවාදී ඵලදෙයි. කෙටි ගමන් යෙදේ. පොදු සේවා ක්‍රියාවන්හි යෙදේ. අවිවේකී දිනකි. තරමක් ආවේගශීලී ගති මතු කරයි. ව්‍යාපාර දියුණුව පෙනේ. සන්ධි ප්‍රදාහ රෝග මතු කරයි. ප්‍රීති සාද යෙදේ.
ධනු
ශුභාශුභ මිශ්‍ර ඵල මතු කරයි. රැකී රක්ෂා ස්ථානවල බාධා ඉවත් වෙයි. තම සැලසුම් තරමක් පීඩාදෙයි. සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. නවක මිතුදම් වර්ධනය වෙයි. ස්නායුගත රෝග, වාත රෝග සාදයි.
මකර
ශුභාශුභ මිශ්රඵල මතු කරයි. සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ක්‍රියාකරයි. වැයපස ඉහළ යයි. ණයතුරුස් වීමට ඉඩ තිබේ. ඉදිමුම් රෝග, හන්දි රෝග සාදයි.
කුම්භ
ශුභඵල මතු කරයි. නව නිර්මාණකරණයට හේතුයි. ප්‍රීති උත්සව යෙදේ. වැයපස ඉහළයි. රැකී රක්ෂාවලදී සතුරු බලපෑම්වලට හේතුයි. දුරස්ථ ඥාතීන් සමීප වෙයි. සෙම් බහුල රෝග සාදයි.
මීන
ශුභඵල මතු කරයි. දුරගමන් යෙදේ. හදිසි තීරණ මත ක්‍රියාකිරීම ශුභවාදී නොවේ. වැයපස ඉහළ යයි. ආර්ථික වාසිද මතු කරයි. ප්‍රේම සබඳසතා වර්ධනය වෙයි. නහරගත රෝගාබාධ මතුකරයි.