පන්සල හදන්න රාජාංගනේ හිමිට දානපතියෙක් දුන් කෝටි 8කට වෙච්චි දෙයක් නෑ

පන්සල හදන්න රාජාංගනේ හිමිට දානපතියෙක් දුන් කෝටි 8කට වෙච්චි දෙයක් නෑ

එංගලන්තයේ දානපතියෙක් විසින් විහාරස්ථානය ඉදිකිරීම සඳහා බැංකු ගිනුම් වලට බැර කළ රුපියල් කෝටි 08ක මුදලක් අස්ථානගත වීම සම්බන්ධව රාජාංගනයේ සද්ධාතිස්ස හිමිට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

යූ ටියුබ් ක්‍රියාකාරිකයෙක් හා ටෙලි නලුවෙක් සමග එක්ව සද්ධාතිස්ස හිමියන් විහාරස්ථානය ඉදිකිරීම සඳහා මෙම මුදල ලබාගෙන ඇතත් තවමත් විහාරස්ථානය ඉදි වී නැති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති පැමිණිලි මත මෙම පරීක්ෂණය ආරම්භ කර ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

සද්ධාතිස්ස හිමියන්ගේ බැංකු ගිනුම් පරීක්ෂාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් අවසර ඇති අතර ඒ සඳහා අධිකරණයේ අවසරය ලැබී තිබේ.

සුරකිමි ලංකා ව්‍යාපාරයේ සභාපති ආනන්ද සාගර හිමියන්ට විසින් කළ පැමිණිල්ලත්, ජනාධිපතිවරයාගේ මවට අසභ්‍ය වචනයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් පල කර බැණ වැදීමත් සම්බන්ධව පෙරේදා (28) රාත්‍රියේ සද්ධාතිස්ස හිමියන් අපාරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවේ අත්අඩංගුවට පත් වන්නේ අනුරාධපුරයේ දී ය.

ආගමික සහජීවනයට බාධාවන ආකාරයේ ප්‍රකාශ කිරීම සම්බන්ධව සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ සම්මුති පනත යටතේ (ICCPR) සහ ශ්‍රි ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 120, 485 වගන්ති යටතේ ගැනෙන වරදක් සද්ධාතිස්ස හිමියන් විසින් සිදුකර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කීවේය.

ලබන 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ අධිකරණය සද්ධාතිස්ස හිමියන්ට සම්බන්ධව සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ සම්මුති පනත යටතේ (ICCPR) චෝදනා ඉදිරිපත් කිරීම සම්බන්ධව කරුණු දක්වන ලෙස ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.