
විශ්රාමික යුද හමුදා සෙබලාගේ නිවසේ උණ්ඩ තොගයක්
ගලෙන්බිදුණුවැව, ජනසිරිගම ප්රදේශයේ පිහිටි විශ්රාමික යුද හමුදා සෙබළෙකුගේ නිවසක මුලුතැන් ගෙයි සඟවා තිබූ ජීව උණ්ඩ තොගයක් සොයාගත් බව පොලිසිය පවසයි.
අදාල නිවසේ මුලුතැන් ගෙයි කබඩයක සඟවා තිබූ ටී 56 ජීව උණ්ඩ 128ක්, පුහුණු උණ්ඩ 26ක්, යකඩ හෙල්මට් 1ක්, යුද හමුදාව භාවිතා කරන වාහන සෙට් මෙහිදී පොලිසිය සිය බාරයට ගෙන තිබුණි.
පොලීසියට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබූ අතර මෙම විශ්රාමික යුද හමුදා සෙබළා දැනට වසර එක හමාරකට පමණ පෙර විදේශගතව ඇති බවත් පොලිසිය පැවසිය.