රාත්‍රී කාලයේදී දුම්රියන්හි වන අලි ගැටීම වළක්වන්න ක්‍රියාමාර්ග රැසක්

රාත්‍රී කාලයේදී දුම්රියන්හි වන අලි ගැටීම වළක්වන්න ක්‍රියාමාර්ග රැසක්

රාත්‍රී කාලයේ ධාවනය වන දුම්රියන්හි වන අලින් ගැටීම වැලැක්වීම සඳහා අමතර වේග සීමා ක්‍රියාත්මක කිරීම සහ දුම්රිය කාලසටහන් සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

එහි මූලික පියවරක් ලෙස අලින් වැඩි වශයෙන් සැරිසරන කාල සීමාවන්ට පෙර සහ එම කාලසීමාවන්ට පසුව දුම්රිය ධාවනය කිරීම සදහා මේ වන විට තීරණය කර ඇති බව සඳහන්.

ඒ අනුව, මඩකලපුව මාර්ගයේ පලුගස්වැව සිට හිඟුරක්ගොඩ දක්වා සහ වැලිකන්ද සිට පුනානි දක්වා ද ත්‍රිකුණාමලය මාර්ගයේ ගල්ඔය හන්දිය සිට කන්තලේ දක්වා ප්‍රදේශය ආවරණය වන පරිදි මෙම දුම්රිය කාලසටහන් සංශෝධනය සිදුකර ඇති අතර එය මාර්තු 07 දින සිට ක්‍රියාත්මක කිරීම සදහා සැලසුම් කර තිබේ.

මීට සමගාමීව එදින සිට කොළඹ කොටුව සහ මඩකලපුව අතර ධාවනය වන “මීනගයා” නගරාන්තර රාත්‍රී තැපැල් දුම්රිය සදහා S-13 වර්ගයේ බලවේග කට්ටලයක් ධාවනයට යෙදවීම සඳහා ද සැලසුම් කර ඇති බව සඳහන්.

අදාළ නිවේදනය පහතින්,