
පානදුර නිවසකින් ජංගම දුරකතන 82ක් සොයාගනී
පානදුර නිවසක තිබූ සොරකම් කළ බවට සැක ජංගම දුරකථන 82 ක් සමග නිවෙස් හිමි කාන්තාව අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, පානදුර වෑකඩ ජනඋදාන ගම්මානයේ පදිංචි කාන්තාවක බව පොලිසිය පැවසීය.
අද (27) අළුයම රාත්රි අමුත්තන්ගේ රාත්රිය නමින් සිදුකල විශේෂ මෙහෙයුමකදී ප්රධාන පොලිස් පරීක්ෂක ජනක්ප්රිය මහතා ඇතුළු නිළධාරීන් සිදුකල සෝදිසි මෙහෙයුමක් අතරතුර නිවස පරීක්ෂා කිරීමේදී තැන තැන සගවා තිබූ විවිධ මාදිලියේ ජංගම දුරකථන 82 ක් සොයාගෙන ඇතැයි උසස් පොලිස් නිළධාරියෙක් කීය.
සැකකාර කාන්තාව පුත්රයා සමග නිවසේ පදිංචිව සිට ඇති බවත් ඔහු වැටලීම සිදුකරන මොහොතේ නිවසේ සිට නොමැති බැවින් ඔහු සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකරන බවත් පොලිසිය සදහන් කළේය.