කෙසෙල්බද්දර පද්මේ ඉෂාරාගේ සහෝදරයාගේ ගිණුමට රුපියල් ලක්ෂයක් බැර කරලා

කෙසෙල්බද්දර පද්මේ ඉෂාරාගේ සහෝදරයාගේ ගිණුමට රුපියල් ලක්ෂයක් බැර කරලා

ගනේමුල්ල සංජීව ඝාතනයේ මහමොළකාරිය ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දිගේ සහෝදරයාගේ ගිණුමට රුපියල් ලක්ෂයක මුදලක් කෙසෙල්බද්දර පද්මේ නමැත්තා විසින් බැර කර ඇති බවට පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ රැඳවුම් නියෝග ලබාගෙන සැකකාරිණියගේ මව සහ සොහොයුරාගෙන් ප්‍රශ්න කිරීම් සිදු කෙරෙන අතර එහිදි මේ බව අනාවරණය වී තිබේ.

ඝාතනය සිදු වූ පෙබරවාරි මස 19 වැනි දින පෙරවරුවේ එම මුදල් ප්‍රමාණය තැන්පත් කර ඇති බවත්, සැකකාරිනිය එදින පස්වරුවේ කළුතර ප්‍රදේශයේ ස්වර්ණාභරණ වෙළෙඳසැලකින් රුපියල් ලක්ෂ 05ක් පමණ වටිනාකමක් සහිත රත්‍රං බඩු මිලට ගෙන ඇති බව ද හෙළි ව තිබෙනවා.

පසුව ඇය සිය මිතුරියකගේ විවාහ මංගල්‍යයකට සහභාගී වීමට යන බවට පවසමින් කඩුවෙල දෙසට නික්ම ගොස් ඇති බවයි වාර්තා වන්නේ.