![අද මධ්‍යම රාත්‍රියේ සිට විදුලි ගාස්තුව 20% කින් පහළට අද මධ්‍යම රාත්‍රියේ සිට විදුලි ගාස්තුව 20% කින් පහළට](https://cdn.statically.io/img/newsi.lk/wp-content/uploads/2025/01/light-bill-se.jpg?quality=100&f=auto)
අද මධ්‍යම රාත්‍රියේ සිට විදුලි ගාස්තුව 20% කින් පහළට
අද (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තුව සියයට 20ක ප්‍රතිශතයකින් පහත දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.
ඒ අනුව, ගෘහස්ථ කාණ්ඩය යටතේ 0 – 30 ත් අතර ඒකකයට රුපියල් 6 ක්ව පැවැති ගාස්තුව රුපියල් 4ක් දක්වාත්, 31 – 60ත් අතර ඒකකයට තිබූ ගාස්තුව රුපියල් 9 සිට 6 දක්වාත් අඩු කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව, මෙම නව සංශෝධනය ඉදිරි මාස 06 සඳහා වලංගු වනු ඇති.
ගෘහස්ථ අංශය සඳහා ඒකක 0 – 30 දක්වා – 29%ක්ද,
31 – 60 දක්වා – 28% කින්ද,
61 – 90 දක්වා – 19% කින්ද
91 – 180 දක්වා – 18% කින්ද,
180 සිට ඉහළට – 19% කින්ද
D – TOU කාණ්ඩය – 31% කින්ද ගාස්‍තු සංශෝධනය කෙරෙනු ඇති.
එමෙන්ම,
පොදු කාර්‍ය අංශය – 12%කින්ද,
රාජ්‍ය ආයතන – 11% කින්ද,
හෝටල් අංශය – 31%කින්ද,
කර්මාන්ත අංශය – 30%කින්ද,
ආගමික හා පුණ්‍යායතන සඳහා – 21%කින්ද,
වීථි ලාම්පු සඳහා – 11%කින්ද
සමස්ථ අඩුවීම 20%ක් ලෙස ගාස්තු සංශෝධනය කර තිබේ.
![](https://cdn.statically.io/img/newsi.lk/wp-content/uploads/2025/01/W1.webp?quality=100&f=auto)