මිනුවන්ගොඩ, පාසලක් අසල වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

මිනුවන්ගොඩ, පාසලක් අසල වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

මිනුවන්ගොඩ ජාපාලවත්ත පාසලක් අසලදී මීට සුළු මොහොතකට පෙර සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි මිනුවන්ගොඩ ‍පොලිසිය පවසයි.

වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ මිනුවන්ගොඩ පොල්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි සජිත් සදරුවන් උදයංග නමැති 35 හැවිරිදි අයෙකි.

යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු එම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය සඳහන් කරයි.

119 යතුරුපැදී සංචාරයේ නිරත නිලධාරීන් එම ස්ථානය කරා පිටත්ව ගොස් ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ ‍පොලිසිය පරීක්ෂණ පවත්වයි.