යළිත් වැසි තත්ත්වයේ වර්ධනයක්
ලබන සතියේදී යළිත් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව, 09, 10, 11 සහ 12 යන දිනයන් වල නැවත වරක් වැසි තත්ත්වයේ වර්ධනයක් ඇති විය හැකි බවයි, එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළේය.
නිරිතදිග බෙංගාල බොක්කේ දකුණු අන්දමන් දූපත් අසල නැවත වරක් කැළඹෙන ස්වභාවයක් උද්ගත වී ඇති බැවින් එහි බලපෑම ගැන ඉදිරියේදී දැනුම් දෙන කාලගුණ අනාවැකි සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසට ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ඒ අනුව, උතුර,උතුරු මැද ,නැගෙනහිර සහ ඌව පළාත් වල වැසි වර්ධනයක් පැවතිය හැකි බවද සඳහන් කරයි.