රැකියාවකට ගිය යාපනයේ පුද්ගලයෙක් කැනඩාවේ දී වෙඩි තබා ඝාතනය කෙරේ

රැකියාවකට ගිය යාපනයේ පුද්ගලයෙක් කැනඩාවේ දී වෙඩි තබා ඝාතනය කෙරේ

කැනඩාවේ රැකියාවක් සඳහා ගොස් සිටි යාපනයේ මයිලිට්ටි ප්‍රදේශයේ පුද්ගලයෙක් එරටදී වෙඩි තබා ඝාතනය කර තිබේ.

පංචලිංගම් පාර්තීපන් නැමති 44 හැවිරිදි මොහු කැනඩාවේ ඔන්ටාරියෝ නුවර මාර්ඛාම් (Markham) ප්‍රදේශයේදී ඝාතනයට ලක්ව ඇති බවයි, වාර්තා වන්නේ.

ඔහු පදිංචිව සිටි නිවස අසලදී ඔහුට එම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබේ.

ඔහුට වෙඩි තැබීමට හේතුව හෝ වෙඩි තබන ලද්දේ කවුරුන් විසින් ද යන්න පිළිබදව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.

සිද්ධිය ගැන සැලවීමෙන් පසුව වහාම පොලීසිය පැමිණ ඔහුව රෝහල් ගත කිරීමට උත්සහ කළද ඒ වන විටත් ඔහු මියගොස් සිට ඇති බවටයි, වාර්තා වන්නේ.

කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රන්ත පොලීසිය මෙම ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යයි.