ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලය පත්කෙරේ

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලය පත්කෙරේ

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනතේ විධිවිධාන අනුව එම කොමිෂන් සභාව සාමාජිකයින් 8 දෙනෙකුගෙන් සමන්විත විය යුතුවේ.

එකී පනතේ 3(1) (අ) වගන්තිය අනුව ඉන් තිදෙනෙකු ප්‍රවාහන, ප්‍රතිපත්ති සැලසුම් හා මුදල් යන විෂය භාර අමාත්‍යාංශ නියෝජනය කරමින් නිල බලයෙන් පත් කරනු ලබයි.

එම පනතේ 3(1) (ආ) වගන්තියේ නිර්නායකයන්ට යටත්ව, අමාත්‍ය මණ්ඩල අනුමැතිය සහිතව ප්‍රවාහන විෂය භාර අමාත්‍යවරයා විසින් සාමාජිකයින් පස්දෙනෙකු පත් කළ යුතුව ඇති අතර, ඔවුන්ගේ ධුර කාලය වසර 03 ක් වේ.

එසේම, 1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනතේ විධි විධාන පරිදි කොමිෂන් සභා සාමාජිකයින් අතුරින් විෂය භාර අමාත්‍යවරයා විසින් සභාපතිවරයා පත් කරනු ලැබිය යුතුය.

ඒ අනුව, පනතේ 3(1) (ආ) වගන්තියේ විධිවිධාන පරිදි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සාමාජිකයින් ලෙස පහත සඳහන් තැනැත්තන් හතරදෙනා පත් කිරීමටත්, ඒ අතුරින් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ලෙස ආචාර්ය බන්දුර දිලීප විතාරණ මහතා පත් කිරීමටත් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* ආචාර්ය බන්දුර දිලීප විතාරණ මහනා – ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

* ඩබ්ලිව්. රවී ප්‍රසාද් මෙල් මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

* ආචාර්ය නාමලි තරංගා සිරිසෝම මහත්මිය ශ්‍රීමත් ජෙනරාල් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්‌ය

* ඒ. අයි. යු. පෙරේරා මහතා දෙපාර්තමේන්තුවේ කොමසාරිස්