දවසේ ලග්න පලාපල – 2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා

දවසේ ලග්න පලාපල – 2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා

රාහු කාලය
2:56 pm – 4:26 pm

සුභ දිශාව
නැගෙනහිර

මරු සිටින දිශාව
බස්නාහිර

Qries

මේෂ

ඵලදායී ක්‍රියාකාරකම්වල යෙදේ. අවිවේකී බවක් ගෙනදෙයි. මහජන සබඳතා වර්ධන ක්‍රියාවන් වැනි දේවල්වල යෙදේ. ව්‍යාපාරවල ද දියුණුවක් පෙනෙන අතර අමතර ලාභ ලබයි. ශීිර්ෂ රෝග, හෘද ආබාධ මතුවේ.

Date: 2024-10-15

ජය අංකය: 05
ශුභ වර්ණය: රතු
Qries

වෘෂභ

ක්‍රියාකාරී දිනකි. රාජකාරි ස්ථානවල තරමක් අවිවේකී බවක් මතු කරයි. සුහදතා වර්ධන ක්‍රියාකාරකම් වැනි දේවල් ද යෙදේ. තරමක් වැයපස ඉහළයි. තම අරමුණු තරමක් ජයගනී. සන්ධි ප්‍රදාහ රෝග මතු වෙයි.

Date: 2024-10-15

ජය අංකය: 02
ශුභ වර්ණය: දම්
Qries

මිථුන

අවිවේකී බවක් ගෙනදෙයි. සම්මුඛ සාකච්ඡා වැනි දේ සඳහා යොමු වීම හොඳයි. මනසට වධදුන් පීඩාවන් ඉවත් වෙයි. ගමන් බිමන් බහුලයි. වැයපස ද තරමක් ඉහළ යයි. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝග මතුකරයි.

Date: 2024-10-15

ජය අංකය: 08
ශුභ වර්ණය: කොළ
Qries

කටක

අවිවේකී දිනකි. අන් අයගේ අවශ්‍යතා මත ක්‍රියාකිරීමට සිදුවෙයි. ඇසුරුකරන්නන් අතර ප්‍රසාදයට පත්වෙයි. ළඟම ඥාතීන්ගේ අවශ්‍යතා මත වැයපස ද ඉහළ යන දිනකි. සෙම්කෝප රෝග උෂ්ණ රෝග මතුවේ.

Date: 2024-10-15

ජය අංකය: 01
ශුභ වර්ණය: රෝස
Qries

සිංහ

ක්‍රියාකාරකම් බහුල වෙයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියාකරයි. විනෝදජනක ක්‍රියා යෙදේ. නවක මිතුදම් වර්ධනය වෙයි. වියපැහැදම් ද අධික වන අතර අමතර ලාභ ද දෙයි. සන්ධි ප්‍රදාහ රෝග මතුවේ.

Date: 2024-10-15

ජය අංකය: 01
ශුභ වර්ණය: ලා දම්
Qries

කන්‍යා

ශුභාශුභ මිශ්‍ර ඵල දෙයි. ගමන් බිමන් බහුල වෙයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. විනෝදජනක ක්‍රියාවන්වල යෙදෙන අතර අමතර වියපැහැදම් අධික වේ. හදිසි ලාභ ලබයි. ස්නායුගත රෝග මතුකරයි.

Date: 2024-10-15

ජය අංකය: 06
ශුභ වර්ණය: රන්වන්
Qries

තුලා

අවිවේකී බව ගෙනදෙන දිනකි. දුර ගමන් වන්දනා ගමන් වැනි දේවලට හිතයි. තම ඥාති මිත්‍රාදීන් හා ඒකරාශීව ක්‍රියා කරයි. බලාපොරොත්තු රහිත ලෙස වැයපස ද ඉහළ යන දිනකි. සෙම්කෝප රෝග මතුකරයි.

Date: 2024-10-15

ජය අංකය: 04
ශුභ වර්ණය: ක්‍රීම්
Qries

වෘශ්චික

ප්‍රීති උත්සව, සාද වැනි දේවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. උත්සව සැණකෙළි වැනි දේවල් ද යෙදෙන, නව මිතුදම් ප්‍රබල වන දිනකි. දහමට ද ළැදිව ක්‍රියා කරයි. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝග මතුකරයි.

Date: 2024-10-15

ජය අංකය: 03
ශුභ වර්ණය: දුඹුරු
Qries

ධනු

ශුභවාදී ඵල මතුකරයි. තම ඥාතීන් සමග සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. අන්‍යොන්‍ය සබඳතා වර්ධනය වෙයි. තම නිවසේ උත්සවශ්‍රියාවක් මතුකරයි. වැයපස ඉහළ යයි. වාතාධික රෝග මතුකරයි.

Date: 2024-10-15

ජය අංකය: 06
ශුභ වර්ණය: තැඹිලි
Qries

මකර

ශුභවාදී ඵල දෙයි. ක්‍රියාශීලී දිනකි. තම ඥාති සබඳතා වර්ධනය වෙයි. පරෝපකාරීව ක්‍රියා කරන දිනකි. විනෝදජනක ක්‍රියා, උත්සව සැණකෙළි වැනි දේවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. සිරසගත රෝගවලට හේතුයි.

Date: 2024-10-15

ජය අංකය: 07
ශුභ වර්ණය: තද දුඹුරු
Qries

කුම්භ

ශුභ දිනකි. ප්‍රබෝධවත්ව දවස ගෙවයි. ප්‍රීති උත්සව විනෝදජනක ක්‍රියාවන් ආදියෙහි යෙදේ. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ක්‍රියා කරයි. විනෝදයෙන් දවස ගෙවයි. වැයපස ඉහළ යයි. මුත්‍රා ආසාදන රෝගවලට හේතුයි.

Date: 2024-10-15

ජය අංකය: 04
ශුභ වර්ණය: නිල්
Qries

මීන

ශුභ ඵල දෙයි. තම පවුලේ සාමාජිකයන් සමග විනෝදයෙන් දවස ගෙවයි. ඥාති මිත්‍රතා වර්ධනය වන කරුණු යෙදේ. උත්සව සැණකෙළි වැනි දේවලට ද යොමුවන, වැයපස ඉහළ යන දිනකි. ඉදිමුම් රෝගවලට හේතුයි.

Date: 2024-10-15

ජය අංකය: 09
ශුභ වර්ණය: කහ