පිටකොටුව මැලිබන් වීදියේ ගින්නක්

පිටකොටුව මැලිබන් වීදියේ ගින්නක්

පිටකොටුව මැලිබන් වීදියේ මහල් ගොඩනැගිල්ලක 03 වැනි මහලේ වෙළදසැලක ගින්නක් හටගෙන ඇතැයි ගිනි නිවන හමුදාව පවසයි.

ගින්න නිවීම සඳහා කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ ගිනි නිවනරථ 07ක් පිටත්කර යවා තිබෙන බවයි, වාර්තා වන්නේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර ඒ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර තිබේ.