දිස්ත්‍රික්ක 04කට නායයෑම් අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 04කට නායයෑම් අනතුරු ඇඟවීම්

පවතින අධික වර්ෂාපතනයත් සමග ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දෙවන මට්ටමේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

එමෙන්ම, කෑගල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට පළමු මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවටයි, එම සංවිධානය සඳහන් කරන්නේ.