දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් 17 හැවිරිදි පාසල් සිසුවෙක් මරුට

දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් 17 හැවිරිදි පාසල් සිසුවෙක් මරුට

මහවෙල, මඩවල උල්පත ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකදී බරපතළ තුවාල ලැබූ තරුණයෙකු රෝහල්ගත කිරීමේදී මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 17ක් වූ නාලන්ද වත්ත, මඩවල උල්පත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොලීසිය සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ, මියගිය තරුණයාට පිරිසක් විසින් පොලුවලින් සහ ආරක්ෂක හිස් වැසුමකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

වයස අවුරුදු 55ක් වන ඝාතනයට සම්බන්ධ සැකකරු ඝාතනය සඳහා යොදාගත් යකඩ ඉන්නක්, ආරක්ෂක හිස් වැසුමක් සහ තියුණු ආයුධයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරුවන් පලාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මහවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.