දරුවන් සම්බධයෙන් පොලිසියෙන් නිවේදනයක්

දරුවන් සම්බධයෙන් පොලිසියෙන් නිවේදනයක්

වසරකට මෙරට දරුවන් 3500 ක් පමණ බරපතළ අපරාධ වලට ගොඳුරු වන බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පවසයි.

සුළු අපරාධ වලට ගොඳුරු වන ළමුන් සංඛ්‍යාව 1,500 ක් පමණ වන බවයි, එහි නියෝජ්‍ය පොලිස්පති රේනුකා ජයසුන්දර මහත්මිය සඳහන් කළේ.

අන්තර්ජාලය ඔස්සේ මෙරට ළමුන් විවිධ හිංසන වලට ගොඳුරු වන බව ද පොලිස් ළමා කාන්තා කාර්යාංශය පවසයි.

එම කාර්යාංශය පෙන්වා දෙන්නේ, එම තත්ත්වයෙන් ළමුන් මුදවා ගැනීම දුෂ්කර වී ඇති බවයි.

මේ වනවිට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, අධ්‍යාපන අමාත්‍යාංශය, පොලිසිය, අධ්‍යාපන අමාත්‍යාංශය ළමුන්ගේ ආරක්ෂාව,අධ්‍යාපනය, සුරක්ෂිතතාව වෙනුවෙන් වැඩ සටහන් රැසක් ක්‍රියාත්මක කරමින් සිටී.