උඩරට මැණිකේ දුම්රියේ මැදිරියකට එල්ල වූ අසුචි ප්‍රහාරයකින් විදෙස් යුවළක් පීඩාවට

උඩරට මැණිකේ දුම්රියේ මැදිරියකට එල්ල වූ අසුචි ප්‍රහාරයකින් විදෙස් යුවළක් පීඩාවට

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ දෙවන පන්තියේ මැදිරියකට අසුචී ප්‍රහාරයක් එල්ල කිරිම සම්බන්ධයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු විසින් දිඹුල පතන පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

කොටගල සහ තලවකැලේ දුම්රිය ස්ථාන දෙක අතර පිහිටි ඩෙරික් ක්ලෙයාර් දුම්රිය ස්ථානය අසලදි එකවරම පොලිතින් උරයක යමක් දුම්රිය මැදිරිය තුලට දුම්රිය මාර්ගයේ ගමන් කල පිරිසක් විසින් විසි කර ඇති බවත්, එම අවස්ථාවේ එම මැදිරිය තුළ සිටි විදේශීය යුවලකට එසේ විසිකල පොලිතින් උර වල දමා තිබු අසුචී වැදී ඇති බවත්, පසුව දුම්රිය තලවකැලේ දුම්රිය ස්ථානය වෙත ළගා විමෙන් පසු එම විදේශිය යුවල අසුචී තැවරුණු ඇදුම් මාරු කර ඇති බවත්, තලවකැලේ දුම්රිය ස්ථානයේ සේවකයෙකු විසින් අසුචි විසිරි තිබු දුම්රිය මැදිරිය සෝදා පවිත්‍ර කිරිමෙන් අනතුරුව දුම්රිය බදුල්ල දක්වා ධාවනය කල බවයි නානුඔය දුම්රිය ස්ථානයේ නිලධාරියා විසින් පොලීසියට කර ඇති පැමිණිල්ලේ සටහන් කර ඇත්තේ.

එම දුම්රිය මැදිරියේ ගමන් ගත් මගියෙකු විසින් නානුඔය දුම්රිය ස්ථානය වෙත කරන ලද දැනුම් දිමක් මත දුම්රිය දෙපාර්තුමේන්තුව විසින් දිඹුල පතන පොලිසියට මේ සම්බන්ධයෙන් විමර්ෂණයක් පවත්වන ලෙසට පැමිණිල්ලක් කර තිබෙනවා.

උඩරට දුම්රියන් වල පාපුරුවේ සහ මැදිරි වල ගමන් ගන්නා විදේශිකයන් ඇතුළු මගින්ගේ ජංගම දුරකථන ඩැහැ ගැනිමේ ජාවාරමක්ද පසුගිය කාලය තුල උඩරට දුම්රිය මාර්ගයේ ක්‍රියාත්මක වුණා.