ඉන්දීය මහ කොමසාරිස් නව ජනපති හමුවෙයි

ඉන්දීය මහ කොමසාරිස් නව ජනපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ජාතික ජනබල වේගය පක්ෂ මූලස්ථානයට ගොස් තිබේ.

ඒ, කොළඹ මැතිවරණ කොමිෂන් සභාවේ ඊයේ (22) රාත්‍රියේ පැවති ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වීමෙන් අනතුරුව අනුර කුමාර දිසානායක මහතා ජාතික ජනබල වේගය පක්ෂ මූලස්ථානයට ගිය අවස්ථාවේදීයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙනුවෙන් මෙන්ම ඉන්දියානුවන් වෙනුවෙන් ද මහ කොමසාරිස්වරයා, විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුවේය.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත් වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා හමුවීමට පැමිණ ඔහුට පළමුවෙන් සුබ පැතුම් එක් කළ විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයා වන්නේ සන්තෝෂ් ජා මහතා වීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර පවතින යහපත් සබඳතා තවත් ශක්තිමක් කර ගැනීමේ අරමුණින්, දෙදෙනා අතරේ විශේෂ සාකච්ඡාවක් ද පැවැත්විණි.