ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගහන්න ගිය අයෙක් අත්අඩංගුවට

ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගහන්න ගිය අයෙක් අත්අඩංගුවට

මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව චායාරූපගත ගතකල පුද්ගලයෙකු අද (21) උදැසන අත්අඩංගුවට ගත් බව ගාල්ල දිස්ත්‍රික් තේරිම් බාර නිලධාරි කාරයාලය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හික්කඩුව තෙල්වත්ත බෝයගොඩ පාර පදිංචි 44 හැවිරිදි විශ්‍රාමික හමුදා සෙබලෙකි.

ඔහු අද උදැසන ඡන්ද මධ්‍යස්ථානයට පැමිණ තම ඡන්ද පත්‍රිකාව ලබාගෙන එහි ඡන්දය ලකුණු කිරිමෙන් පසු එය ඡායාරුපගත කරන අවස්ථාවේ පොලිස් නිලධාරින් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.