කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

නාරාහේන්පිට සහ කිරුළපන දුම්රිය ස්ථාන අතරදී දුම්රිය ලෝඩර් රථයක් අද (18) පෙරවරුවේ පිලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය පාලක මැදිරිය පවසයි.

මෙම තත්ත්වය මත කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා ඇති විය හැකි බවයි, දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.

කෙසේවෙතත්, දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, වග සිට නුගේගොඩ දක්වා දුම්රියක් ධාවනය කිරීමට පියවර ගන්නා බවයි.

මේ අතර පීලි පැනීමට ලක් වූ රථය පීලිගත කිරීමට කටයුතු කරමින් සිටින බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.