දුම්රිය ධාවනය තවදුරටත් ප්‍රමාදයි

දුම්රිය ධාවනය තවදුරටත් ප්‍රමාදයි

මහව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබියදී රාගම දුම්රිය ස්ථානයේදී අද (16) පෙරවරුවේ පීලි පැනීමකට ලක්වූ දුම්රිය පස්වරුව දක්වා ඉවත්කිරීමට නොහැකි වූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

එම දුම්රිය තවදුරටත් මාර්ගයේ තිබුණ ද දුම්රිය ධවනය කරන බවත් දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් තව දුරටත් පවතින බවත් එම නිලධාරියා කීය.

දුම්රිය හැකි ඉක්මණින් ඉවත් කිරීමට දුම්රිය සේවකයන් කටයුතු කරමින් සිටින බව කී එම නිලධාරියා හෙට (17) පෙරවරුව වන විට දුම්රිය මාර්ගයෙන් ඉවත්කළ හැකිවේ යැයි විශ්වාස කරන බව ද සඳහන් කළේය.

මෙම දුම්රිය පීලි පැනීම නිසා ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා ඇති වූ අතර ඒත් සමඟම සෙසු මාර්ගවල ද දුම්රිය ධාවනයට බාධා ඇති විය.

දුම්රිය ගමන් වාර කීපයක් ද අවලංගු කිරීමට ද පියවර ගෙන තිබුණි.