බන්ධනාගාර රැඳවියන් 350 කට හෙට විශේෂ රාජ්‍ය සමාව යටතේ නිදහස

බන්ධනාගාර රැඳවියන් 350 කට හෙට විශේෂ රාජ්‍ය සමාව යටතේ නිදහස

හෙට (12) දිනට යෙදී ඇති සිරකරු දිනය වෙනුවෙන් සුළු වැරදි සඳහා බන්ධනාගාරගත වූ රැඳවියන් 350 ක් විශේෂ රාජ්‍ය සමාවක් යටතේ නිදහස් කිරීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා පැවසුවේ, ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව සිරකරුවන්ට මෙම විශේෂ රාජ්‍ය සමාව පිරිනමන බවය.

ඒ අනුව, දිවයිනේ සියලුම බන්ධනාගාර මගින් අදාළ කොන්දේසි අනුව සුදුසුකම් ලැබූ සුඵ වැරදි සඳහා බන්ධනාගාර ගත වූ රැඳවියන් 350 දෙනෙකු හෙට දිනයේදී නිදහස් කිරීමට නියමිතයි.