ඇල්පිටිය පුංචි ඡන්දයට නාමයෝජනා භාරගැනීම ඇරඹේ

ඇල්පිටිය පුංචි ඡන්දයට නාමයෝජනා භාරගැනීම ඇරඹේ

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව නාමයෝජනා භාරගැනීම අද (09) සිට ආරම්භ වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

ඒ අනුව, අද සිට ලබන 12 වනදා මධ්‍යහ්න 12.00 දක්වා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී නාමයෝජනා භාරගැනීම් සිදුකෙරෙන බවයි, කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ.

මේ අතර, මෙම ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ ඇප මුදල් තැන්පත් කිරීම ලබන 11 වනදා මධ්‍යහ්න 12.00ට අවසන්වීමට නියමිතයි.

මෙම ඡන්ද විමසීමට අදාළව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුගිය සතියේ ඇප මුදල් තැන්පත් කළේය.