බස් රථ අනතුරකින් 7ක් රෝහලට

බස් රථ අනතුරකින් 7ක් රෝහලට

පෞද්ගලික බස් රථයක් අනතුරට ලක්වීමෙන් 7 දෙනෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා.

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ තංගල්ල මාරපොල්ලිය පාලම උඩ දී අද (30) අළුයම 4ට පමණ මෙම අනතුර සිදුව තිබෙනවා.

හම්බන්තොට සිට කොළඹ බලා ධාවන වු මෙම බස් රථයේ රියදුරුට අධික වේගය පාලනය කරගත නොහැකිව පාලමේ කොටසක් කඩාගෙන ගොස් එහි හිරවී තිබේ.

බසයේ ඉදිරිපස වම් කොටස කඩාගෙන ඇලට වැටීමත් සමග එහි සිටි මගීන් 5 දෙනෙකු වතුරට වැටී තිබේ.

ප්‍රදේශවාසීන් ඔවුන් ගොඩට ගෙන රෝහල් ගතකර ඇති අතර පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් පැමිණ බස් රථයේ සිට ඇළට වැටුණු මගීන් ගොඩ ගෙන රෝහල් ගතකර තිබෙනවා.