මෙරට මුහුදේ ව්‍යාප්ත වන මාරාන්තික මත්ස්‍යය විශේෂයක් හඳුනාගැනේ

මෙරට මුහුදේ ව්‍යාප්ත වන මාරාන්තික මත්ස්‍යය විශේෂයක් හඳුනාගැනේ

මිනිස් සිරුරේ දැවටීම හේතුවෙන් මාරාන්තික තත්ත්වයන් ඇති විය හැකි මත්ස්‍යය විශේෂයක් මෙරට මුහුදේ ව්‍යාප්ත වන බව ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානය විසින් නිවේදනය කළා.

එහි ප්‍රධානී විශේෂඥ වෛද්‍ය රවී ජයවර්ධන මහතා සඳහන් කළේ, මෙම මත්ස්‍යය විශේෂය ‘ලොඩියා’ නමින් හැඳින්වෙන බවයි.

ඒ අනුව ඔවුන් නැගෙනහිර මුහුදු තීරයේ සිට දකුණු මුහුදු තීරය දක්වා ව්‍යාප්ත වී ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

සෑම වසරකම ජූලි මස සිට සැප්තැම්බර් දක්වා මුහුදේ මෙම මත්ස්‍යයා දැකගත හැකි බව සඳහන්.

මත්ස්‍යයා කුඩා බැලුනයක හැඩය ගන්නා අතර උදර ප්‍රදේශයේ දිගු නූලක් වැනි ග්‍රාහිකා පවතින බව වාර්තා වනවා.

මෙම සත්ත්වයා සපර්ශ වීමෙන් ආසාත්මිකතාවක සිට කම්පන තත්ත්වයක් කරා යා හැකි බව වැඩිදුරටත් සඳහන්.

මේ හේතුවෙන් ස්නායු පද්ධතිය, හෘදය වස්තුව හා ශ්වසන පද්ධතිය බලපෑමකට ලක් විය හැකි බවයි වාර්තා වන්නේ.