![රේගු නිළධාරියෙකු විවේක කාමරය තුළ හදිසියේ මිය ගිහින් රේගු නිළධාරියෙකු විවේක කාමරය තුළ හදිසියේ මිය ගිහින්](https://cdn.statically.io/img/newsi.lk/wp-content/uploads/2023/07/dead-1.jpg?quality=100&f=auto)
රේගු නිළධාරියෙකු විවේක කාමරය තුළ හදිසියේ මිය ගිහින්
මත්තල ජ්‍යාතන්තර ගුවන් තොටුපොළේ රේගු නිළධාරියෙකු එහි විවේක කාමරය තුළ හදිසියේ මියගොස් ඇතැයි මත්තල පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ රුක්මලේ – පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි ඩබ්.එන්.එස්.විජේතුංග නමැති රේගු නිළධාරියා බවයි වාර්තා වන්නේ.
ඔහු මියයාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මත්තල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.